තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නිරෝධායනය වන අයට වෙනම දිනයක්

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) සහ හෙට (17) යන දින වලදී සිදුකෙරෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි අද පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා ත් තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *