මනුස්ස වර්ගයාට තර්ජනයක් විය හැකි වෛරස විශේෂ විශාල ප්‍රමාණයක් ඉදිරියේදි ඇතිවිය හැකි බව මහාචාර්ය යොන් “යාක්ස් මුයෙඹේ ටාම්ෆම්” පවසයි අප්‍රිකානු රටවලට තර්ජනයක් වී තිබූ සහ තවමත් තර්ජනයක් වී ඇති ඉබෝලා වෛරසය සොයාගනු ලැබුවේ 1976 දී මහාචාර්ය ටාම්ෆම් විසිනි. එතැන් සිට මිනිසාට අහිතකර රෝග මතුකළ හැකි වෛරස ප්‍රභේද සොයා ඔහු විසින් විවිධ පර්යේෂණ සිදුකලේය.
මේ වනවිට කොංගෝ රාජ්‍යයේ පරීක්ෂණ සිදුකරමින් සිටින මහාචාර්යවරයා පැවසුවේ, “සතුන්ගෙන් තවත් බොහෝ රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැකියි,” යනුවෙනි.
චිම්පන්සින් විශේෂයකින් ඇති වූ HIV මිනිස් වර්ගයා භීතියට පත්කර තිබේ. එසේම සාර්ස්, මර්ස්, සහ කොවිඩ් -19 ඒ ආකාරයට සත්ත්ව විශේෂවලින් නිර්මාණය වී පැතිරීගිය වූ රෝග ලෙස හඳුනාගෙන ඇත.
1901 දී හඳුනාගත් කහ උණ සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පලමු ආසාදනයයි. එතැන් සිට මේ දක්වා මිනිසුන් ට රෝග ඇතිකරන වෛරස වර්ග 200ක් පමණ හඳුනාගෙන ඇත. කොවිඩ් 19 වෛරසය ද මෙලෙස වවුලන් ගෙන් සම්ප්‍රේෂණය වී ඇතයි විශ්වාස කෙරේ.
විශේෂඥයින් පවසන අන්දමට පරිසර විනාශය සහ “වන සත්ත්ව විශේෂ” වෙළෙඳාම වෛරස විශේෂ මතුවීමට හේතු වේ.
වනාන්තර විනාශ වනවිට විශාල සත්ත්ව විශේෂ ද එම කලාපවලින් විනාශ වී යයි. නමුත් මීයන්, වවුලන් සහ කෘමි විශේෂ බේරෙයි. එවැනි සත්ත්ව විශේෂ හේතුවෙන් විවිධ රෝග මිනිසාට බෝවන බව පිළිගත් මතය වේ.