තවත් කැබිනට් අමාත්‍යවරු දස දෙනෙක් (10) අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මීට පෙර දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් දස දෙනාට (10) අමතරව මෙම පත්වීම් ලැබේ.
ඇතැම් අමාත්‍ය ධුර මීට පෙර පත් කළ කැබිනට් අමාත්‍යවරුන්ට අතිරේක විෂය පථයන් ලෙස පවරනු ලැබ තිබේ.
නව අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වනු ඇත.
නව අමාත්‍යවරුන් මෙසේය.
ඩග්ලස් දේවානන්ද – ධීවර
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන සහ මහාමාර්ග, සහ ජනමාධ්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන
මහින්ද අමරවීර – කෘෂිකර්ම, වන සම්පත් සහ වනජීවී
රමේෂ් පතිරණ – කර්මාන්ත
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
අහමඩ් නසීර් – පරිසරය
රොෂාන් රණසිංහ – වාරිමාර්ග, සහ ක්‍රීඩා සහ යෞවන කටයුතු
මීට පෙර පත් කළ කැබිනට් අමාත්‍යවරුන්:
නිමල් සිරිපාල: වරාය සහ ගුවන් සේවා
කෙහෙළිය රඹුක්වැල්ල : සෞඛ්‍ය
රමේෂ් පතිරණ: වැවිලි
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපනය
විජේදාස රාජපක්ෂ – අධිකරණ අමාත්‍ය
ටිරාන් අලස් – මහජන ආරක්ෂාව
හරීන් ප්‍රනාන්දු – සංචාරක සහ ඉඩම්
මනූෂ නානායක්කාර – කම්කරු සහ විදේශ රැකියා
නලින් ප්‍රනාන්දු – වෙළෙඳ