තලෙයිමන්නාරම තොටුපළ වසර 37කට පසු ප්‍රතිසංස්කරණය කෙරේ

වසර 37කට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මගී යාත්‍රා සඳහා පහසුකම් සැලසීම සඳහා තලෙයිමන්නාරම තොටුපළ යළි ඉදිකිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

උතුරේ ගැටුම් පැවති සමයේ මෙම තොටුපළ අතහැර දමා විනාශ කර තිබුණි. ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි තොටුපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා ඇත.

ආයෝජනය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 1800 කි. තොටුපළ ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව වරායට මායිම්ව රජය සතු ඉඩම් අක්කර 10ක් පමණ වරාය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමට නියමිතය.

මෙම නව සංවර්ධන යටතේ නවීන මගී පර්යන්තයක් සහ ගබඩා පහසුකම් ඉදි කෙරේ.

සුළි කුණාටු හේතුවෙන් ධනුස්කොඩි වරාය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර මේ වන විට ඉන්දියාව රාමේෂ්වරම් වරායේ සංවර්ධන කටයුතු අවසන් කර ඇති අතර මන්නාරම සහ රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබා දී ඇත.

තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර යාත්‍රා සේවාව ආරම්භ කිරීම තුළින් ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ට ද අඩු මිලට ගමන් පහසුකම් සැලසීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම ක්‍රියාමාර්ග දෙරට අතර භාණ්ඩ හුවමාරුව පහසු කරවන අතර උතුරු ශ්‍රී ලංකාවේ ජනතාවගේ නිෂ්පාදන ඉන්දියාව තුළ ප්‍රචලිත කිරීමට ප්‍රශංසනීය අවස්ථාවක් වනු ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *