තරුෂි ගේ ඉල්ලීමට නිලධාරින් ගේ අවධානය

ආසියානු ක්‍රීඩා උලෙළේ දී කාන්තා මීටර 800 කාන්තා ධාවන ඉසවුවේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සව මාලාවක් දිගන ප්‍රදේශයේ දී පැවැත්විණි.

තරුෂි කරුණාරත්න සහ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු රථ පෙළපාලියකින් තරුෂි ඉගෙනුම ලැබූ වලල.ඒ.රත්නායක විද්‍යාලයට කැඳවාගෙන ආ අතර, එහි දී ඔවුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමකි.

ඊයේ ද තරුෂි පිළිගැනීම වෙනුවෙන් මහනුවර දී උත්සව රැසක් පැවැති අතර, එහි දී ඇය වලල.ඒ.රත්නායක විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කරන ලෙසට ඉල්ලීමක් කළාය.

තරුෂි ගේ ඉල්ලීමෙන් පසු වලල.ඒ.රත්නායක විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම පළාත් ක්‍රීඩා අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ නිරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *