කොළඹ රෝහල් හතක විදුලිය සහ නඩත්තු බිල්පත් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කළ විශේෂ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව හිඟ ගෙවීම් පියවීම සඳහා අමාත්‍යාංශය විසින් අදාළ රෝහල් වෙත මුදල් නිකුත් කර ඇත.
සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඩේලි මිරර් වෙත මේ බව තහවුරු කරමින් කියා සිටියේ රුපියල් මිලියන 120ක් කොළඹ ජාතික රෝහලට මුදා හැර ඇති අතර අනෙකුත් රෝහල් සඳහා මුදල් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්, රජයේ රෝහල් රැසකට ලැබී ඇති රතු විදුලි බිල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් අවධානය යොමු කර නැහැ.
විදුලිය හා නඩත්තු බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය එවැනි අවස්ථා පිළිබඳව අනතුරු අඟවා ඇති බැවින් කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක විදුලිය විසන්ධි වීමේ අවදානමක් මතුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත පසුගිය 27 වැනිදා වාර්තා කළේය.