2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,000 ඉක්මවා ඇති අතර තවත් එක් මරණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව ජුලි 07 වැනිදා වන විට 2023 වසරේ මේ දක්වා රෝගීන් 58,138ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,970ක් වාර්තා වී තිබේ. ඊට අමතරව, නව මරණයත් සමඟ මුළු මරණ 38 දක්වා ඉහළ ගියේය.
තවද, බස්නාහිර පළාතෙන් රෝගීන් 28,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව ඉහළම අගයයි.
තවද, වසංගත රෝග විද්‍යා අංශය මගින් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් MOH ප්‍රදේශ 47ක් හඳුනාගෙන ඇත.
ජූලි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1,449ක් වාර්තා වී ඇත.