ජවිපෙ විරෝධතාකරුවෝ ජනාධිපති කාර්යාලයට කඩා පනිති…

ජනතා විමුක්ති පෙරමුණ යටතේ පවතින සංවිධානයක් වන සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය කඩා වැදී තිබේ.

ඉන්ධන විදුලි ගෑස් අර්බුදයට විසදුම් දෙන ලෙසත්, ඉන්දියාවට දුන් තෙල් ටැංකි ආපසු පවරා ගන්නා ලෙසත්, යුගදනවි බලාගාරය වහා පවරාගන්නා ලෙසත් ඔවුන් සටන් පාඨ කියමින් සිටියහ.

මරදානෙන් ඇරඹි මෙම විරෝධතාව කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවිය.

විරෝධතාවය නිසා ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *