ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ කළුගඟ, කැලණි ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නමුත් ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නොමැති බව වාරිමාර්ග (ජල විද්‍යා) අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.

නමුත් මේ වන විට එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතී.

කෙසේ වෙතත්, මෙම ගංගාවල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී ඇත. අද සහ හෙට වැඩි වර්ෂාපතනයක් ලැබුණහොත්, ජල පෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එබැවින් අද ලැබෙන වර්ෂාවෙන් ගංවතුර ඇතිවිය හැකි බැවින් ගංඟා භාවිත කරන ජනතාව අවධානයෙන් සිටිය යුතුය. ප්‍රධාන ගංඟා ආශ්‍රිත ඇළ දොළ භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස පහළ ප්‍රදේශවල ජීවත්වන සහ එම ප්‍රදේශවල භාවිත කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *