ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වටා ඇති පදික වේදිකාව හෝ මාර්ග අවහිර වන ආකරයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් සිදු නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති නිසල දමිත් සහ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍යවේදී පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික දිල්ෂාන් යන සිසුන් වෙත දැනුම්දෙමිනි.
දැනට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වටා ඇති පදික වේදිකාව හා මාර්ගයන් අවහිර වන ආකාරයෙන් අනවසර ඉදිකිරීම් සිදු කිරීමට සංවිධානය කරන බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් සිදුකළ කරුණු දැක්වීමට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.