ජන හා නිවාස සංගණන වැඩසටහන ජනවාරි 31 වැනිදායින් අවසන් වේ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද 15 වැනි ජන හා නිවාස සංගණනය ජනවාරි 31 වැනිදා අවසන් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි පැවසීය.

ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ 2023 නොවැම්බර් 01 වැනිදා මුළු රටම ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණන වැඩසටහන ආරම්භ කළ බවයි.

“ජනගහන හා නිවාස සංගණන වැඩසටහන පවත්වද්දී අපේ නිලධාරීන්ට විස්තර එකතු කිරීමේදී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා. සමහර අය උදව් කළා. සමහරු ඔවුන්ගේ විස්තර ලබාදීම ප්‍රතික්ෂේප කළා. සමහර ගෙවල් වහලා, ගේට්ටු අගුළු දාලා නිසා ඇතුලට යන්න අමාරු වුණා.” විජේසිරි පැවසීය.

කෙසේ වෙතත් මෙම වැඩසටහනට අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *