මහ මැතිවරණයේදී ජනතාව දුන් තීරණය පිළිගන්නා බවත් දැන් මාලිමා ආණ්ඩුවට ඇත්තේ අතීතයට බැණ බැණ නොසිට මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කිරීම බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ පැවසීය.
මහ මැතිවරණ ප්රතිඵල නිකුත් වීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය.
ඔහු මෙසේද පැවසීය.
ජනතාව තීරණයක් දීලා තියෙනවා. අපි ඒක භාර ගන්නවා. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුවට කියන්නේ අතීතයට බැණ බැණ නොසිට මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට දුරදක්නා නුවණින් යුතුව කටයුතු කරන්නේ කියලායි. රට වෙනුවෙන් ගන්නා යහපත් තීන්දුවලට සමගි ජන බලවේගය ආණ්ඩුවට සහය දෙනවා. ඒ වගේම දුන් පොරොන්දු කඩ කර ජන මතයට පිටුපෑවොත් අපි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා. අපි බලාගෙන ඉන්නවා දුන් පොරොන්දු ඉටු කරමින් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද කියලා.