ජනාධිපති ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් සියලු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ දැනුම්දීම ලිඛිතව පක්ෂ නායකයින් වෙත සිදුකර ඇති බවය.

පසුගිය මස 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාළ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ජාතික සංහිදියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබදව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සර්ව පාර්ෂික සමුළුව කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *