ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඊ) ව්‍යවස්ථාවට අනුව 2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අයදුම් කිරීම, සුදුසුකම් සහ නිර්ණායක සඳහා වන මාර්ගෝපදේශ 2021 නොවැම්බර් 24 වැනි දින අංක 2255/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇත.
“නියමිත අයදුම්පතට අනුකූලව නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ලිඛිත අයදුම්පත්, අදාළ ලියකියවිලිවල සහතික කළ පිටපත් සමග ලියාපදිංචි තැපෑලෙන් ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට 2023 අගෝස්තු 25 හෝ ඊට පෙර ළගා වීමට එවිය යුතුය. “ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම – 2022/2023” යනුවෙන් අයදුම්පත්‍රය ඇතුළත් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව ලියා තිබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අයදුම්පත් www.presidentsoffice.gov.lk හරහා ද බාගත කළ හැක