LK reports news sinhala

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඇතුළු සිවු දෙනෙක් ඇප තැන්පත් කරති

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුණු අද දිනයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයින් සිවු දෙනෙකු  ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට  ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව රනිල්  වික්‍රමසිංහ මහතා   සහ සරත් කීර්තිරත්න මහතා ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට   ඇප මුදල් තැන්පත් කර තිබේ.

හිටිහාමිනාලාගේ  දොන්   ඕශල ලක්මාල් අනිල්    හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන්ද ඒ.එස්.පී.ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ද ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *