ජනවාරි 1 සිට පොදු ස්ථානවලට යන විට COVID එන්නත් කාඩ්පත අනිවාර්ය වේ

ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුද්ගලයින් කටයුතු නොකිරීම හේතුවෙන් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බව ඔහු ඩේලි මිරර් වෙත පැවසීය.

පුද්ගලයන් කොවිඩ් එන්නත් කාඩ්පත ඔවුන් ළඟ තබාගත යුතුය, නැතහොත් පිටපතක් ළඟ තබාගත යුතුය හෝ QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ පිටපතක් ළඟ තබාගත යුතුය.

මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද පැවති ජන හමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *