ජනපති ගමන් කළ හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන්කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණයක් වෙත ගොඩබස්වා තිබේ.

මෙලෙස හෙලිකොප්ටර් යානය ගොඩබස්වා ඇත්තේ වැල්ලවාය බුදුරුවගල පාසලේ ක්‍රීඩාංගණයටය.

නොසිතූ ලෙස වෙනස් වූ කාලගුණික තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් යානය මෙලෙස හදිසියේම ගොඩබස්වා තිබේ.

ජනපති වැලිමඩ දක්වා ගමන්කරමින් සිටියදී මෙලෙස එම යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණය වෙත ගොඩබස්වා තිබේ.

අනතුරුව වෙනත් වාහනයක් පාසල වෙත පැමිණෙන තෙක් පාසලේ රැඳී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *