ජනපති ගත් වටිනා තීන්දුවට ප්‍රසාදය

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගි වන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කෙරිණි.

ඒ වෙනුවට ජලය වීදුරුවක පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත.

සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කිරීමෙන් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත.

ජනපතිවරයා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පරිසර සංවිධාන, පරිසර හිතකාමීන් සහ පරිසරවේදීහු බලවත් ප්‍රසාදය පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *