ජනපතිගේ තිරසාර සංවර්ධන වැඩසටහනට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියගේ ප්‍රසාදය

ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය වන හැනා සිංගර් මහත්මිය ජනපතිගේ තිරසාර සංවර්ධන වැඩසටහන පිළිඹද ප්‍රසාදය පළකර සිටියාය.

දිළිදු බව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, අතුරුද වූවන් පිළිඹද ගැටලු කළමණාකරණය කිරීම ඇතුලු කරුණු රැසක් සාකච්ඡා කළාය. එමෙන්ම දිළිදු බව පිටු දැකීම, අඩු ආදායම්ලාභී පවුල් සදහා රැකියා ලබා දීම යන කරුනු පිළිඹදව ජනාධිපතිවරයා ඇයව දැනුවත් කලේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය ඇතුලු කටයුතු සදහා තම පාර්ශවයේ පූර්ණ සහය ලබා දෙන බවටද නියෝජිතවරිය පොරොන්දුවිය.

අතුරුදන් වූවන් පිළිඹදවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වූ අතර, අදාල පවුල් වල ජීවනෝපායමාර්ග සංවර්ධනයට ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවට ජනාධිපති වරයා පවසා සිටියේය. තම දේශපාලන අභිලාශයන්ට පටහැනිවීම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලකයන් එය ප්‍රතික්ෂේප කළද තම අරමුණ වන්නේ අගතියට පත් එම පාර්ශවයන්ට යහපත සැලසීම බවද ජනාධිපතිවරයා අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *