අපි පක්ෂයක් ලෙස එකඟ නොවුණත් ජනතාව ඉල්ලන දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සතිපතා පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“ජනතාව සහන ඉල්ලුවේ නැහැ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ වැඩිපුර බදු පනවන්න මිස බදු අයකිරීම අඩු කරන්න එපා කියලා. ඒ නිසා ජනාධිපතිතුමා ඒ ඉල්ලීම්වලට අනුව කටයුතු කරනවා,” ඔහු පැවසීය.
“පාරේ අරගලයක් තියලා මේවා ඉල්ලපු මිනිස්සුන්ට දැනට ඒවා ලැබෙනවා.පක්‍ෂයක් විදියට අපි මේ කරගෙන යන වැඩවලට එකඟ නැහැ.
“නමුත් අපි තීරණය කළා ජනතාව වෙනුවෙන් වෙනත් යෝජනාවක් ඉදිරිපත් කරන්න, ඔවුන් කැමති නම් ඡන්දය දෙනවා, පවතින තත්ත්වය සමඟ ජනතාවට ඉදිරියට යාමට අවශ්‍ය නම්, අපට එසේ කිරීමට ඉඩ දිය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී රටක රට ජනතා දැක්ම අනුව ඉදිරියට යන්න,” කාරියවසම් මහතා පැවසීය.