පිළිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයන්ට හා අදාළ සමාගම් වලට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, පාරිභෝගික අධිකාරිය විසින් ඊට අවශ්‍ය මුලික කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටින්නේ පොල්තෙල් පමණක් නොව අනෙකුත් ආහාර ද්‍රව්‍යය ද ජනතාවට විෂ සහිත දැයි සොයා බැලිය යුතු බවත්, එවැනි විෂ සහිත ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නන්ට ද ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.
එමෙන්ම ජනතාවට විෂ සහිත ආහාර ද්‍රව්‍ය කවන්නන් දේශද්‍රෝහීන් ලෙසත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.