අද (2) දිනයේ සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත සේවකයින් සහභාගී කරවා ගැනීම ගැටලුකාරී වුවද හැකිතාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසන්නේ.
මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.