ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් හෙට දිනයේදී තීරණය කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් නියෝගය අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය හෙට දිනයේ තීරණය කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසා සිටී.

අද දිනයේ කොමිසමේ සාකච්ජාවක් පැවැත්වුණ මුත්, අධිකරණ තීන්දුව ලැබුණු අවස්ථාවේ කොමිසමේ සියළු සාමාජිකයින් කොමිෂන් සභාවේ නොසිටි බැවින් එම විශේෂ සාකච්ජාවක් හෙට (03) දිනයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව කොමිසමේ සාමාජිකයින් තිදෙනාම සාකච්ඡා කර ඒ සම්බන්ධව තීරණයකට එළඹිය යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *