චීන මව,ශ්‍රී ලාංකික නැනී ළඟ දියණියදමා පලා යද්දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඇය ගුවන් යානයට පිවිසීමට සූදානම් වෙමින් සිටියදී  අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 35 හැවිරිදි  චීන ජාතික කාන්තාවකි . ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබේ .

ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය , ඇය බලා ගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ , තම චීන ජාතික මවට වඩා තමන්ට සෙනෙහස දැක්වීම නිසාය .

මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල , පොල්ගහවෙළ , පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි .ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර , ඇය  අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව  පත් වී සිටියාය .

මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව , ශ්‍රී ලාංකික සේවිකාව අමතා , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බවත් , ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබේ .

ඒ අනුව ඇය පිළිගැනීම සදහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ,  මෙම චීන ජාතික කාන්තාව , ඇයගේ  මව සහ බාළ දියණිය රැගෙන ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර , මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව , ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන්  වී තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *