චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කරයි

චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයා ව එම ධුරයෙන් නෙරපීමට ඊයේ(24) කටයුතු කළේය.

ඒ අනුව මාස තුනක් තුළ තනතුරකින් ඉවත්කළ දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ජෙනරාල් ලී ෂන්ෆූ වෙයි.

එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහුව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බවය.

ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බව සඳහන්ය.

මීට පෙර පසුගිය ජූලි මාසයේදී චීන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චින් ගැන් ද එම තනතුරෙන් ඉවත්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *