චීනයේ සිටි ශ්රී ලාංකික සිසුන් 488 දෙනෙකු මේ වන විට මෙරටට පිටත් කර ඇති බව බීජිං හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. එමෙන්ම අද දිනයේද තවත් පිරිසක් මෙරටට පැමිණිමට නියමිත බවත් ඉදිරි සතිය තුළ චීනයේ සිටින සියලුම සිසුන් ශ්රී ලංකාවට පිටත් කර හැරිමට හැකි වනු ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ. ඊයේ(29) රාත්රියේද චීනයේ සිටි ශ්රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට පැමිණියේය.
2020-01-30