ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව මෙවර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් චීනයේ Hangzhou නගරයේ දී පැවැත්විය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක වාර්තා 15ක්, ආසියානු වාර්තා 37ක් සමඟින් ආසියානු ක්‍රීඩා උළෙලේදී මීට පෙර පිහිට වූ වාර්තා 170ක් බිඳී හෙළීමට සමත් වූ බව එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී චීනය රන් පදක්කම් 201ක්, රිදී පදක්කම් 111ක් සහ ලෝකඩ පදක්කම් 71ක් ඇතුළුව පදක්කම් 383ක් ලබා ගෙන ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම්ලාභී රට බවට පත්විය.
දෙවන ස්ථානය හිමිකර ගත්තේ ජපානය යි. ඔවුන් රන් පදක්කම් 52ක්, රිදී පදක්කම් 67ක් සහ ලෝකඩ පදක්කම් 69 ක් ඇතුළුව පදක්කම් 188ක් ලබා ගත්තේය.
කොරියා ව රන් පදක්කම් 42ක්, රිදී පදක්කම් 59ක් සහ ලෝකඩ පදක්කම් 89ක් ඇතුළුව පදක්කම් 190ක් ලබාගනිමින් තෙවන ස්ථාන ලබා ගත්තේය.
රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 38ක් සහ ලෝකඩ පදක්කම් 41ක් ඇතුළුව පදක්කම් 107ක් ලබාගනිමින් සිව්වන ස්ථානය හිමිකර ගත්තේ ඉන්දියාවයි.
මෙවර චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 2010 වසරේ Guangzhou නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ලබා ගත් රන් පදක්කම් 199 ද ඉක්මවා ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කිරීම විශේෂත්වයකි.