රජයට අයත් චැනල් අයි සමාගම ලයිකා මොබයිල් සමූහයට බදු දීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ චැනල් අයි ලයිකා මොබයිල් හි එස්ඩීටී නාලිකාවට බදු දී ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියකින් තොරව බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා තම වංචනික ක්‍රියාව වසන් කිරීමට ආවරණ අනුමැතියක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත්ය.
රුපියල් මිලියන 25 ක මාසික වාරිකය ඇස්තමේන්තු කර ඇත්තේ කුමන පදනමක් මත සහ කුමන තාක්ෂණික කමිටුවක් මගින්ද සහ නියමිත ක්‍රියාපටිපාටි අනුගමනය නොකර තමන් කැමති සමාගමකට නාලිකාවේ විකාශන කාලය බදු දීමට චැනල් අයි අධ්‍යක්ෂ මණ්ඩලයට බලයක් තිබේද? ඔහු ප්‍රශ්න කළේය
චැනල් අයි බද්දට ලබාදී නොමැති බවත් එය වීඅයිඑස් බ්‍රෝඩ්කාස්ටිං සමාගමට මාස හයකට කුලියට දී ඇත්තේ රුපියල් මිලියන 25ක මාසික කුලියට පමණක් බවත් ගුණවර්ධන ඇමැතිවරයා පැවසීය.
දිසානායක මන්ත්‍රීවරයා තර්ක කළේ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ එය මාස හයකට බදු දුන් බවට පැහැදිලිවම සඳහන් කර ඇති බවයි.
එවිට ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් පත්‍රිකාව සකස් කළේ තමන් නොවන බවත් කැබිනට් ලේකම්වරයා ‘කුලියට දීම’ වෙනුවට ‘ලීස් අවුට්’ යන වචනය වැරදි ලෙස සඳහන් කර ඇති බවත්ය.
අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගණුදෙනුවේදී යම් අකටයුත්තක් සිදු කර ඇති බව ඔප්පු වුවහොත් තමන් දරන සියලුම තනතුරුවලින් සහ දේශපාලනයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් බවයි.