ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න අවශ්‍ය නම් තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්න සූදානම් බව සීතා අරඹේපොල පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් එම ධුරයෙන් ඉවත් වී හිටපු ජනාධිපතිවරයාට පාර කැපීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිදු පක්ෂයකින් මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බවද ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති අතර හිටපු ජනාධිපතිවරයාට යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව තමන් විශ්වාස කරන නමුත් ඔහු යළි දේශපාලනයට පැමිණීමට තීරණය කළහොත් සිය මන්ත්‍රී ධුරය අත්හැරීමට සූදානම් බවද ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *