ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ?

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට  දැනුම් දුන්නේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *