ගුරුවරුන්ට තෑගි බෝග තහනම්

මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.

ගුරුවරුන්ට තෑගි බෝග  ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *