ගිය අවුරුදු පහේ මම කිසිම වාහනයක් ආනයනය කරලා නෑ-රවී

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා.

නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම සහභාගි වෙලා නැහැ. මම ඒ ආකාරයෙන් වාහන ආනයනය කළා කියන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍යයක්.

මම දන්නේ නැහැ ඒ ආකාරයෙන් ඇයි චරිත ඝාතනයක් සිදු කළේ කියලා. ඒ අසත්‍ය ප්‍රචාර පළකල මාධ්‍ය ආයතන වලින් මම ඉල්ලා සිටින්නේ, ඒ අසත්‍ය වාර්තා නිවැරදි කරන්න, එහෙම නැතිනම් ඒ සම්බන්ධයෙන් මම නීතිමය පියවර ගන්නවා”

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඊයේ (09) පෙරවරුවේ ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිනි.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *