බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂාවලදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව බස්නාහිර පළාතෙන් පිටව යාමේදී පසුගිය 18 වනදා සිට අද අලූයම 06 දක්වා සිදුකර ඇති පරීක්ෂා ගණන 10,986 කි.
ලබන ජනවාරි 05 වනදා දක්වා මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා සිදුකෙරෙන බව පොලිසිය සඳහන් කරයි.