ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසකට වැසි…

2023 අප්‍රේල් 26 දින කාලගුණ අනාවැකිය 2023 අප්‍රේල් 26 දින පෙ.ව.05.30ට නිකුත් කරන ලදී
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *