වෛරසය

ගාල්ලේ ඇඟලුම් ආයතනයක කොරෝනා රෝගීන් 9 ක්, වවුනියාවේත් කොවිඩ් මරණයක් වාර්තා වේ

ගාල්ලේ ඇඟළුම් නිෂ්පාදන ආයතනය සේවය කළ කාන්තාවක් කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමගම එම සේවිකාවගේ ආශ්‍රිතයන්ට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.

මෙම ආසාධිතයින් 9 දෙනාගෙන් 06 දෙනකු ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි අය වන අතර සෙසු තිදෙනා වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

ආසාදිතයන් 09 දෙනාම මේ වනවිට රෝහල්ගත කර ඇති අතර එම ඇඟළුම් ආයතනය වසා දැමූ බවටත් වැඩි දුරටත් තොරතුරු වාර්තා වේ.

මේ අතර වවුනියාව, උළුක්කුලම ජනඋදා ගම්මානයේ කාන්තාවක් කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියයෑමත් සමඟ ඇය ප්‍රතිකාර ලැබූ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු, වෛද්‍යවරුන් පස්දෙනකු, හෙද කාර්ය මණ්ඩලයේ හා උපස්ථාන සෞඛ්‍ය සේවකයින් 18 දෙනකු ඇතුළුව 23 දෙනකුගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. එමෙන්ම අදාළ කාන්තාව ජීවත්වූ උළුක්කුලම ජන උදාගම්මානයේ කොටසක් නැවත දැණුම් දෙනතෙක් හුදකලා කිරීමටද පියවර ගෙන තිබේ.

62 හැවිරිදි මෙම කාන්තාව කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 20 වැනිදා වවුනියාව රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර රෝගී තත්වය උත්සන්න වීම මත ඇය වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත යොමුකොට තිබේ. ප්‍රතිකාර ලබන අවස්ථාවේ ඇයට උණ වැළදී ඇති අතර පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බවට අනාවරණයවූ බව සෞඛ්‍ය අංශ වාරතා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *