ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයාට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මූලික විමර්ශනයක් සිදු කර ඇති බව සදහන්ය.
ඊට අදාළ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇති බව අද දෙරණ කල විමසීමක දී ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා සඳහන් කළේය.
මේ අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ද ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කර ඇති බව සභාපතිවරයා අවධාරණය කර ඇත.