මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් ආදී නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.
එමෙන්ම පසුගිය පැය 24 තුළදී ආයතන 910ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට පටහැනිව කටයුතු කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103ක් හඳුනාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.