ගං වතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් (සුළු ගංවතුර තත්ත්වයක්) ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවය.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

අද උදෑසන 09.00 සිට ක්‍රියාත්මක වනපරිදි පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කුරුවිට, ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය බල පැවැත්වේ.
ගංවතුර අවදානම පිළිබඳ එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *