ගංවතුර හේතුවෙන් පොත්පත් විනාශ වූ සිසුන් සඳහා පාසල් පෙළපොත් සහ අභ්‍යාස පොත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විපතට පත් සිසුන්ට ඉදිරි සති දෙක තුළ පෙළ පොත් සහ අභ්‍යාස පොත් ලබා දෙන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේ ගංවතුර හේතුවෙන් කොළොන්නාව, කැලණිමුල්ල, වැල්ලම්පිටිය වැනි ප්‍රදේශවල සිසුන්ට පොත්පත් අහිමි වී ඇති බවයි.
අවශ්‍ය පොත්පත් ලබාදීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් වැඩපිළිවෙලක් සකස් කිරීමට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.