කෝටි 2 ක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවට එයි

දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට එවා තිබූ රෙදි අසුරනයක සගවා එවූ මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබේ. ඒ අනුව කෝටි දෙකක වටිනකමකින් යුතු මත්පෙති තොගයක් අඩංගු පාර්සලය සමග එම පාර්සලයේ හිමිකරු මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පාර්සලය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී වන අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *