මේ දිනවල කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහලගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙම දූවිලි අංශු ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව පවසන එම ආයතන තවදුරටත් පැවසුවේ පසුගිය 25 දා සිට ඊයේ දිනය දක්වා එලෙස වායු ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම නිරීක්ශණය වූ බවයි.
පසුගිය දිනවල දිවයින තුළ පැවැති උෂ්ණ කාලගුණය ද මෙලෙස රාත්‍රී කාලයේදී කොළඹ නගරයේ වායුගෝලය දූවිලි අංශු ප්‍රමාණය ප්‍රමාණය ඉහළ යාමට බලපෑ අතර නව අවුරුදු උදාව සමග ගිනිකෙළි භාවිතය වැඩිවීම නිසා, දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදා යන දෙදින තුළ කොළඹ නගරය ආශ්‍රිතව වායුගෝලීය දූෂණය තවදුරටත් වැඩි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
කෙසේ වුවත් ඉදිරි පැය 72 කාලය ඇතුළත මෙම වායු දූෂිත තත්ත්වය පහව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.