කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය යෝජනා අද දිනයේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදීමට නියමිතයව තිබේ.

එම යෝජනා දේශිය හෝ විදේශිය ආයතනයක මැදිහතක්වීමකින් තොරව වරාය අධිකාරියේ කළමනාකාරීත්වය යටතේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සකස් කර ඇති බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා සඳහන් කරයි. අදාළ යෝජනා නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාකිත ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 23ම එකතුවෙන් සකස් කර ඇති බවත් ඒ මහතා පවසා සිටියි.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පසුගියදා සඳහන් කළේ, වෘත්තිය සමිති ඉදිරිපත් කරන යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කොට, ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබා දීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *