කොළඹ තවත් ප්‍රදේශ 05ක පනවා තිබූ හුදෙකලා තත්ත්වය අද (01) අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත සහ පෑලියගොඩ පොලිස් වසමේ ගඟ බඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත යන ප්‍රදේශද අද අළුයම 05සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ලැබේ.
එමෙන්ම වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස හා ඇන්ඩෲස් පාර ද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටී.