කොරෝනා

කොළඹ දිස්ත්‍රික්කයේ තහවුරු කරගත් ආසාදිතයින් ගණන 42 දක්වා ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 42ක් බවත් මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් 170 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් 35 දෙනෙකු ද ආසාදිතයින් අතර වෙයි.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11දෙනෙකුත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

තවද යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6 දෙනෙක් හඳුනාගෙන ඇති අතර රත්නපුර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *