කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් මාර්ග ආශ්‍රිතව ඇතිවන තදබදය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් වර්ධනය වී ඇතැයිද අමාත්‍යාංශය කියා සිටී.
ඉන් පරිසරයට සිදුවන හානිය ද වැඩිවෙමින් ඇති බවද අමාත්‍යංශය කියයි. එම කරුණු පිළිබඳ අවධානය යොමු කර කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව ඇති බව පැවසේ.