කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් අද (09) දින මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරි වසම හා වෑත්තෑව ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කරනු ඇත. මීට අමතරව පුජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක්ද මෙලෙස හුදෙකලාවට ලක් කොට තිබේ.