කොවිඩ් මැඩීමට හෙළ ඔසුවක්.

කොවිඩ් මැඩීම සදහා ලෝකය පුරා විවිධ පරීක්ෂණ සිදුකරමින් එන්නත් නිපදවමින් විශාල උත්සාහයක් දරණ අතර තුර හෙළ ඔසු මගින් නිපදවූ දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

මෙම ඖෂධය භාවිතයෙන් විද්‍යනු කූලව සිදුකල මූලික පරීක්ෂණ දෙකක් මගින් එය 100% සාර්ථක බව මේ වන විට සනාථ කර ඇත.

ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු යොදාගෙන මෙම ඖෂධය  දින 3ක් උදේ සවස ලබා දී ඔවුන්ගෙන් අහඹු ලෙස  තෝරාගත් දස දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලැබීය.

එහිදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ රෝගීන් දසදෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව පසුගිය 16 වැනිදා තහවුරු වී තිබේ.

ඉන් පසු මෙම ඖෂධයේ දෙවන පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාව සම්බන්ධ කරගනිමින් වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේම තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 50දෙනෙකු පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැණුනු අතර ඉන් 25 දෙනෙකුට නව ඖෂධය ලබාදීමත් අනෙක් රෝගීන් 25 දෙනාට ආදේශක ඖෂධීය ගුණයන් නොපෙන්වන ඖෂධයක් දින 3ක් දෙවරක්  බැගින් ලබාදීමත් සිදුකර තිබේ.

ඔවුන්ගෙන් ලබා ගත් අහඹු PCR පරීක්ෂණ වලින් මහරගම අපේක්ෂා රෝහලට යොමු කල PCR වාර්තා 31ට අනුව නව ඖෂධය ලබා දුන් රෝගින් 16 දෙනාට ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති අතර ආදේශකය ලබාදුන් රෝගීන් 15 දෙනෙකුගේ ශරීරයේ වෛරසය තවදුරටත් ඇති බව තහවුරු විය.

පරීක්ෂණ වට දෙකකදී සාර්ථක වූ මෙම ඖෂධයේ තුන්වන පරීක්ෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *