කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී ඒ පිළිඹදව නැවත නැවතත් වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු බව කොරෝනා 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරයි. ඒ මහත්මිය පෙන්වා දෙන්නේ භූගත ජලය දූෂණය වුවහොත් එය නැවත පිරිපහදු කිරීමට නොහැකි බවයි.
මහාචාර්යවරිය වැඩි දුරටත් අවධාරණය කර සිටින්නේ මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති බැවින්, අනුගමනය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවයි. විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දූෂිත වුවහොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බවයි ඇය අවධාරණය කර සිටින්නේ.