කොවිඩ් ආසාදිත පුද්ගලයින් 19දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන් හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
එම කාර්යාලය සදහන් කරන්නේ බොරලුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්තශාලා පහක අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 30
පසුගිය බදාදා සිදුකළ බවත්, එම පරීක්ෂණ 30ක් අතරින් මෙම ආසාදිතයින් හමුවී ඇති බවයි.
අදාළ ආසාධිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 151 දෙනෙකුටද මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අනුව එම කර්මාන්ත ශාලා විවෘත කිරීම පිළිබද තීරණය කිරීමට නියමත බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරන්නේ.