රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙනි.
එම සාකච්ඡාවට සහභාගී වන ලෙස අමාත්‍ය කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට හා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්ට ද දන්වා තිබිණි.
නමුත් සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පමණකි.
නියමිත වේලාවට සාකච්ඡාවට නොපැමිණි බැවින් දුරකථනය හරහා ඊට හේතුව විමසූ විට අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් දන්වා ඇත්තේ තමන් සිය නිවෙස්වලට ගොස් සිටින බැවින් අදාළ සාකච්ඡාව සඳහා පැමිණිය නොහැකි බවය.